හිරැ නිවුස්

Thursday, March 6, 2014

නව ලොවකට


රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ
කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේ 
පිනට ලැබුන මියුලැසියේ සැතපෙන මගෙ දෙනෙතේ
මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා
රොන් සුනු අඹරා තවරා සුවඳින් නහවනවා
දැන් මට තේරෙන පාළුව ඔබට බාර දෙනවා
දිමුතු රුවන් මිණි පරයා හිනැහෙන සියුමැලියේ 
මගෙ හදවත එකලූ කරන ස්වර්ණ වර්ණ එළියේ
අපි නව ලොවකට පිවිසෙමු සඳ තරු සැණකෙළියේ ...........

No comments:

Post a Comment

 

Blogger news

Blogroll

මන් ගැන..